ලොකු ළුෑනු මිල පහළට

20

දේශීය ලොකු ළුෑණූ අස්වනු නෙළීම ආරම්භ කිරීමත් සමඟ වෙළඳපොලේ දේශීය ලොකු ළූණූ ගැනුම් මිල සීඝ්‍රනේ පහත වැටීමත් සමග ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ වන විට දේශීය ලොකු ළුෑණූ කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 55 සිට 70 දක්වා වූ මිලකටයි.
දඹුල්ල, සිගිරිය, වෑවල වැව, ගලේවෙල ,ආදී ප්‍රදේශවල ලොකු ළූණූ අස්වැන්න නෙළීම ආරම්භ කර ඇති අතර ගොවීන් පෙන්වා දෙන්නේ මිල ගණන් තවදුරටත් පහත වැටීමේ අවධානමක් පවතින බවයි.
මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙස ද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Your Comments