Home විදෙස් පුවත් ලෙනේ සිරවූ දරුවන්ට සතියක නේවාසික වෛද්‍ය ප්‍රතිකාර

ලෙනේ සිරවූ දරුවන්ට සතියක නේවාසික වෛද්‍ය ප්‍රතිකාර

20

තායිලන්ත ලෙනේ සිරවී සිටි ළමයින් 12 දෙනා සහ පුහුණුකරු තවදුරටත් නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබන බව එරට මාධ්‍ය පවසනවා.
කෙසේ වෙතත් ඔවුන්ට තවමත් තම දෙමාපියන් හමුවීමට අවස්ථාව ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ, යම් ආසාධනයකට අදාළ දරුවන් ගොදුරු වීමේ වැඩි අවධානමක් පැවතීම හේතුවෙන්.
ඒ අනුව ඔවුන්ට තවත් සතියක පමණ කාලයක් රෝහලේ රැදී සිටීමට සිදුවන බව සඳහන්.
දෙමාපියන්ට අදාළ දරුවන් ප්‍රතිකාර ලබන ස්ථානයේ කවුළුවකින් ඔවුන් බැලීමේ අවස්ථාව හිමිව තිබෙන බව සඳහන්
මේ අතර දරුවන් සමග ගුහාව තුළට ගිය 25 හැවිරිදි පාපන්දු පුහුණුකරුගේ අදාළ ක්‍රියාවට පිරිසක් විරෝධතාවය දක්වා ඇති බව ද වාර්තා වනවා.
කෙසේ වෙතත් ඔහු ගුහාවේ රැදී සිටියදීම දරුවන්ගේ දෙමාපියන් වෙත ලිපියක් එවමින් සමාව ඉල්ලා සිටිමට කටයුතු කර තිබුණා.
දරුවන් මුදා ගැනීමෙන් අනතුරුව ලෝක නායකයින් ද අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර තිබීම විශේෂත්වයක්. එ් අනුව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ද ට්විටර් පණිවුඩ නිකුත්කර තිබෙනවා.
මේ අතර එම පාපන්දු කණ්ඩායමේ දරුවන්ට සහ පුහුණුකරුව රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ද හිමිව තිබෙනවා.

Share this Article!

Your Comments