ලෙනක සිරවී සිටි තායිලන්ත දරුවන් මුදා ගැනෙයි

34

දින 17ක කාලයක් තායිලන්තයේ තාම් ලූවන් ලෙනෙහි සිරවී සිටි අවසන් ළමුන් සිව් දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ද මේ වනවිට මුදා ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
වයස අවුරුදු 11ත්, 17ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පාපන්දු කණ්ඩායමක ළමුන් 12 දෙනෙකු ඇතු`ඵ ඔහුගේ පුහුණුකරු මෙම ලෙනෙහි අතරමං වුයේ පසුගිය 23 වන දායි.
ඒ අනුව ඔවුන් සොයා එරට රජය ජාත්‍යන්තර කිමිදුම්කරුවන්ගේ සහය ඇතිව විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ අතර ලෙන තුළ සිරව සිටි ඔවුන් ජුලි 02 වන දා සොයා ගනු ලැබුවා.
පසුව ඔවුන් මුදා ගැනීමේ කටයුතු ආරම්භ කළ අතර පසුගිය දින දෙක ඇතුලත අවස්ථා කිහිපයක දී ළමයින් 08 දෙනෙකු ලෙනින් පිටතට ගැනීමට හැකි වුණා.
පසුව එහි සිටි අවසන් ළමුන් සිව් දෙනා සහ පුහුණුකරු ද අද පස්වරුවේ මුදා ගත් අතර ඔවුන් සියලු දෙනා මෙහ් වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

PICTURE EXCLUSIVE
The sixth Wild Boar schoolboy being transferred to a Thai Military helicopter after being rescued from the Tham Luang Cave in the Tham Luang Forest Park near Mae Sai, Thailand on July 09 2018.

Your Comments