රෝයි ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී

11

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ, රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ දේහය මේ වන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටින බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

රෝයි ද සිල්වා මහතා පසුගිය 30 වන දා රාත්‍රියේ හෘදයාබාධයකින් මිය යන විට 80 හැවිරිදි වියේ පසුවුණා.

චිත්‍රපට 32ක් පමණ ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබීම විශේෂත්වයක්.

මේ දෑස කුමට ද?, සුනේත්‍රා, මිනිසුන් අතර මිනිසෙක්, ඔබට දිවුරා කියන්නම් සහ මුවන්පැලැස්ස ඇතුළු චිත්‍රපට 65කට පමණ රොයි ද සිල්වා මහතා සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

Your Comments