රස එෆ්. එම් අභිමානවත් පළමු සංවත්සරය සමරයි

14

ස්කයි මාධ්‍ය ජාලයේ සිත එෆ්. එම්. සහෘද නාලිකාව වන රස එෆ්. එම්. අද පළමු සංවත්සරය සමරනු ලබනවා.

ඒ, වසරක අභිමානවත් මාධ්‍ය මෙහෙවරක් සිදු කිරීමේ පෙරගමන්කරු වීමේ අභිමානයෙන්.

වසරක අභිමානවත් සංවත්සරය සමරන මේ මොහොතේ ස්කයි මාධ්‍ය ජාලයේ සිත එෆ්. එම්. සහ රෙඞ් එෆ්. එම්. සහෝදර නාලිකා ද නිරන්තරයෙන් ශක්තියක් වෙමින් ඔවුන් සමග අත්වැල් බැඳගෙන සිටිනවා.

බුද්ධිමත් ශ්‍රාවක ප්‍රජාවක් බිහි කරමින් යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනගමින් කෙටි කලක් තුළ විශාල ජන ප්‍රසාදයක් දිනා ගැනීමට
රස එෆ්. එම්. සමත්ව තිබෙනවා.

“රටම එක රසට ” නැවුම් මුහුණුවරකින් අද දිනයේ සිට ශ්‍රාවකයන් වෙත පැමිණීමට රස එෆ්. එම්. අප සහෘද නාලිකාව සුදානම්.

රස එෆ්. එම්.නාලිකාව තුළින් විශ්වාසනීයත්වයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් ගත වු කාලය තුළ ආ ගමන් මග පිළිබඳව වසරක් සපිරෙන මොහොතේ NEWS24 අපගේ සුභ පැතුම් එක් කර සිටිනවා.

Your Comments