රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියදුරු බලපත්‍රයක්

9

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නාරහේන්පිට පොලිසියට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
2018 මාර්තු 18 වැනි දා රාජ්‍ය සේවා කොමිසන් සභාව අසලදී මෝටර් රථයක් ධාවනය කර රිය අනතුරක් සිදු කිරීමට අදාළව චෝදනා 4 ක් යටතේ රමිත් රඹුක්වැල්ල මහතාට නාරහේන්පිට පොලිසිය නඩු පවරනු ලැබුවා.
නොසැළකිලිමත් රිය ධාවනයෙන් අනතුරක් සිදු කිරිමට අදාළව අධිකරණය මගින් මාස තුනකට අධික කාලයක් ඔහුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමටයි කටයුතු කළේ.

Your Comments