Home දේශීය පුවත් රතන හිමිගේ අස්වීමේ ලිපිය මේ සතියේ

රතන හිමිගේ අස්වීමේ ලිපිය මේ සතියේ

9

ජනාධිපති උපදේශක තනතුරෙන් ඉවත්වීමේ ලිපිය මේ සතියේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

අදාළ ධුරයෙන් ඉවත්වීම පිළිබඳව ජනාධිපතිවරයා හමු වී කරුණු පැහැදිලි කිරීමට අපේක්‍ෂා කරන බවයි උන්වහන්සේ කියා සිටියේ.

ජනාධිපති උපදේශක තනතුරින් ඉවත් වන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය 28 වන දා කොළඹ විහාරමහදේවී උද්‍යානයේ පැවති උත්සවයකදී ප්‍රථම වරට ප්‍රකාශ කළා.

එහිදි උන්වහන්සේ කියා සිටියේ සිය තනතුර නාමිකව පැවති අතර, කිසිදු උපදේශයක් ලබාගෙන නොමැති බවයි.

ග්ලයිෆොසෙට් කෘෂී රසායනිකයට එරෙහි පැවති තහනම ඉවත් කිරීමෙන් අනතුරුවයි මෙම අර්බුධය හටගත්තේ.

Your Comments