යහපාලන ආණ්ඩුව බංගවෙන්නැයි හික්කඩුවේදී පොල් ගසයි

29

වත්මන් රජයේ මර්ධනකාරී වැඩපිළිවෙලට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබු දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් අද හික්කඩුව සීනිගම දේවාලයේ දී සිදුකර තිබෙනවා.

ජීවන බර වැඩිවීම, පාතාලය හිස එසවීම, වර්තමාන ආණ්ඩුවේ දුෂිත පාලනය ,දේශපාලන වශයෙන් කෙරෙන චරිත ඝාතන ඇතුළු ක්‍රියා මුල් කොට ගනිමින් මෙම පොල් ගැසීම සිදුවිය.

එම අවස්ථාවේ දී එහි පැවති වර්ෂා තත්වය ද සැලකිල්ලට නොගත් පැමිණි පිරිස පලමුව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දේවාලය ඉදිරිපිට රැදී සිටි අතර පසුව මල් පහන් පුජා කිරීම සිදු කරන ලදී.

පසුව දේවාලය තුළට ගිය පිරිස දේවකන්නලව්වක් කිරීම සිදු කර පොල් ගැසීම සිදුකරන ලදී.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, මොහාන් සිල්වා, රමේෂ් පතිරණ, ඇතුළු පිරිසක් සහ දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී වී සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

Your Comments