යහපාලන ආණ්ඩුව ඉතිහාසගත වන සිදුවීමක් ඇමැති අර්ජුන කියයි

50

ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ ආණ්ඩුව ලෙස වත්මන් යහපාලන ආණ්ඩුව ඉතිහාසයට එක්වන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
වැලිවේරිය ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

දැනුමක් තියෙන ජනාධිපතිවරයෙක් කියනවද ක්‍රීඩා කරපු කෙනෙක්ට ක්‍රීඩාව ගැන කතා කරන්න එපා කියලා. ඒ බොරුවක්. මං ඇත්තටම කැමැති නෑ කැබිනට් මණ්ඩලයේ වෙච්චි දේවල් එළියේ කියන්න. මෙව්වා එළියට ගෙනල්ලා බොරු ප්‍රචාර අරින්නේ ඒවායින් යැපෙන ඇමතිවරු ඉන්නවා අපේ කැබිනට් එකේ. එතුමා ජනාධිපති නීතිඥවරයෙක්… ෆයිසර් මුස්තාපා මහත්තයා…. ජනාධිපති නීතිඥතුමාගේ 44 වගන්තියක් තියෙනවා. මෙන්න මේ වගන්තිය හොයා ගන්න ඕන අපිත් කොහේද මේ වගන්තිය තියෙන්නේ කියලා. එතුමා සමහර විට කොහෙන් හෝ පනතක් ගෙනත් තියෙනවද කියලා හොයා ගන්න ඕන… ලාච්චුවල… අපි මොන දේ තිබුණත් ඇත්ත කතා කළොත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කාලේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමයි ක්‍රීඩා අමාත්‍යතුමා… හැබැයි එතුමා මොනදේ වුණත්… දෙන්නම දැක්කා ක්‍රීඩා නීතියේ මේ සූදූකාරයින්ට එන්න බැහැයි කියලා. ඒක ක්‍රියාත්මක වුණේ නෑ. නමුත් අද වන විට පස්ස දොරෙන් හොරෙන් ආපු මිනිස්සු තමයි මේ ක්‍රීඩාව විනාශ කරලා තියෙන්නේ. හැබැයි අපි ඉතිහාස ගත වෙනවා… මේ ආණ්ඩුව… මොකද යහපාලන කියන ආණ්ඩුව තමයි ක්‍රිකට් ක්‍රීඩාව විනාශම කරපු ආණ්ඩුව බවට පත්වෙන්නේ.

Your Comments