මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයන් හත් දෙනා සොයා ගැනේ

34

ගාල්ල වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්ව ඇති බවට වාර්තා වු ධීවරයින් 07 දෙනා නිරුපද්‍රිතව මාලදිවයිනට ආසන්න මුහුදු සීමාවේ දි සොයාගත් බව ධීවර අමාත්‍යංශය පවසනවා.
හික්කඩුව තෙල්වත්ත, තොටගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් 07 දෙනෙකු පසුගිය 14 වන දා ධීවර කටයුතු සඳහා එලෙස පිටත්ව ගොස් තිබුණා.
පසුගිය 29 වන දා දක්වා ගොඩබිම සමඟ ඔවුන් තොරතුරු හුවමාරු කරගෙන ඇතත් ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් නොලැබීම සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසියට ඥාතීන් විසින් පැමිණිල්ලක් ගොනු කර තිබුණා.
කෙසේවෙතත් ඥාතීන් සඳහන් කරන්නේ තමන් නිරුපද්‍රිතව සිටින බවට අදාළ ධිවරයින් දැනුම්දීමක් අද දින සිදු කළ බවයි.
ඒ අනුව ඔවුන් ඉදිරි දින කිහිපයේ දී දිවයින්ට රැගෙන ඒමට නියමිත බවයි ධීවර අමාත්‍යංශය සඳහන් කරන්නේ.

 

Your Comments