මුලතිව් කැලයකින් වෙඩි වැදුණු මළ සිරුරක්
මාධව කුලසූරිය - වවුනියාව

12

මුලතිව්, මුල්ලියාවේලි, ප්‍රදේශයේ කැලෑවක තිබී වෙඩි වැදීමෙන් මියගිය බවට සැකකෙරෙන තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ මුල්ලියාවේලි, ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි අයෙක්.
ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත මෙම සිරුර සොයාගෙන ඇති අතර අදාළ පුද්ගලයාගේ හිස ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර, කහවත්ත සමර කන්ද පුරාණ රජ මහා ගල්ලෙන් විහාරයේ ආරාම කුටියක තිබී පුද්ගල ඇට සැකිල්ලක් සොයා ගෙන තිබෙනවා.
එම ඇට සැකිල්ල එහි විසු හිමි නමකගේ බවට සැක පළ කරන බවයි පොලිසිය සදහන් කරන්නේ.

Your Comments