මුදල් ඇමතිගෙන් මංගලගෙන් හිටපු ජනපතිගෙන් ඇරයුමක්

20

කිසියම් අයෙකුට ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය වන්නේ නම් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් චෝදනා නගන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩි වූ ඉන්ධන මිල සම්බන්ධයෙන් තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට ඇරයුම් කරන බවයි. මේ අතර මෙම මාධ්‍ය හමුවේදී වාහන හිමිකරුවන්ගෙන් සහ විදේශ රටවල සංචාරය කරනු ලබන්නන්ගෙන් බදු අය කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා.

බදු ගැන බය වෙන්න ඕන නෑ. ඉතාම සාධාරණ විදිහට අපි බදු අය කරන්නේ. සමහරු කියන්න පටන් ගත්තා වාහනේටත් බදු ගහනවයි කියලා. පිටරට ගියත් බදු ගහනවායි කියලා. ඒක අමූලික බොරුවක්. එතුමා කිව්වේ මෙච්චරයි වාහනයක් තියා ගන්න පුළුවන් නම් අපිට හිතන්න පුළුවන් ඒ පුද්ගලයාට ආදයම් බදු ගෙවිය යුතු ආදයමක් තියෙනවා කියලා. වාහනයක් තියෙන පලියට බදු ගහන්නේ නැහැ. නමුත් වාහනයක් තියෙන කෙනෙකුට ඇත්ත වශයෙන්ම වාහනයක් ගන්න නම් අවුරුද්දකට ලක්ෂ 12කට වැඩි පඩියක් තියෙන්න ඕන. ඒ අය ඇත්ත වශයෙන්ම සොයාගෙන එනකම් ඉන්නේ නැතිව තමන්ගේ ආදායම් බදු ලිපි ගොනුව විවෘත කරලා ඒ ගෙවිය යුතු සුළු ගාණ ගෙවන එක ඇත්ත වශයෙන්ම ඒ අයටත් ආඩම්බරයක්.

Your Comments