මැතිවරණය පිළිබඳ අවසන් තීරණයක් නොමැතිව පක්ෂ නායක හමුව අවසන්

26

ඉදිරියේදී පැවැත්වීමට නියමිත යෝජිත පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කතානායක කරු ජයසූරිය ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

ඉදිරියේදී පැවැත්වීමට යෝජිත පළාත් සභා ඡන්ද විමසීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

කෙසේවෙතත් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එලඹීමට නොහැකි වූ බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළා.

යළි ලබන බදාදා දිනයේ පක්ෂ නායකයින් රැස්වීමට නියමිතයි.

Your Comments