මාධ්‍යවේදීන්ට තර්ජනය නොකරන්නැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් නිවේදනයක්

12

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ නම් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතෘවරුන් සම්බන්ධ කර ගන්නා ලෙසට නිව්යෝක් ටයිම්ස් පුවත්පත් සමාගම අවධාරණය කර සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර කතෘ මයිකල් ස්ලැක්මන් සඳහන් කරන්නේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට බලපෑම් නොකරන ලෙසයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7 යි දශම 6 ක මුදලක් ලබාදුන් බව කියන සිද්ධියට අදාළව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගිය ජුනි 26 වනදා ගවේෂණාත්මක ලිපියක් පළ කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම ලිපියට දායකත්වය දැක්වූ මාධ්‍යවේදීන් දෙදෙනෙකු දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බවට චෝදනා කරමින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

Your Comments