Home දේශීය පුවත් මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයකු වන ජෝශප් කුමාර ඇතුළු සිව්දෙනා අද අධිකරණයට

මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයකු වන ජෝශප් කුමාර ඇතුළු සිව්දෙනා අද අධිකරණයට

12

අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන ජෝශප් කුමාර නොහොත් ජෝශා සහ ඔහුගේ ගෝලයින් තිදෙනා අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සැකකරුවන් ඊයේ වැලිපැන්න ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සතුව තිබී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ද සොයා ගැණුනා.
සැකකරුවන් සතුව තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 10 ක් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් මෙන්ම මෝටර් රථයක් ද සිය භාරයට ගත් බවයි පොලිසිය කියාසිටියේ.
ගිනි අවි උණ්ඩ සහ හෙරොයින් සොයාගෙන ඇත්තේ ජෝශා නම් සැකකරු සතුව තිබියදීයි.
38 හැවිරිදි සැකකරු වැලිපැන්න ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
රත්මලාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්, උඩවලව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට පත් අනෙක් සැකකරුවන් වනවා.
ජෝශප් කුමාර නොහොත් ජෝශා නම් සැකකරු හිටපු යුද හමුදා සෙබලෙකු වන අතර ඔහු මාකඳුරේ මදුෂ්ගේ සමීපතම ගෝලයෙක් බවටයි හෙළිවී ඇත්තේ.
සැකකරුට එරෙහිව පානදුර සහ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණවල නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බව ද පොලිසිය සඳහන් කළා.

Your Comments