මන්නාරම සමුහ මීනි වලේ සොයා ගත් අස්ථි කොටස් ගණන 256 ඉක්මවයි

5

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලේ මේ දක්වා සිදුකරන ලද කැණීම්වලදී පුද්ගලයින් 256 දෙනෙකුගේ අස්ථි කොටස් හමුවී තිබෙනවා.
කැණීම් මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඉන් අස්ථි 246 ක් මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක ගබඩා  කර ඇති බවයි.
එමෙන්ම මෙම සමූහ මිනීවලේ සිදුකරන ලද කැණීම්වලදී ළමයින්ගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් 18 ක්ද හමුවී ඇති බව ඔහු සඳහන් කළා.
මෙම මිනිස් ඇටසැකිලි කාබන් පරීක්ෂාවක් සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ රසායනාගාරය වෙත යැවීමට තීරණය කොට ඒ සඳහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන ඇති නමුත් මේ දක්වා ඒවා අමෙරිකාවට රැගෙන ගොස් නැහැ.

 

Your Comments