මත්ද්‍රව්‍ය නීතිය බලාත්මක කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලංකාවේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය

14

දකුණු ආසියානු මත්ද්‍රව්‍ය පිළිබඳ නීතිය බලාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම පිළිබඳ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මධ්‍යස්ථානය මෙරට ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන්.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිලිබඳ කාර්යංශයේ දකුණු ආසියානු කලාපීය කාර්යාලය මගින් අදාල සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මෙහෙයවනවා.
ඉන්දියාව, නේපාලය, මාලදිවයින, බංග්ලාදේශය, භූතානය මෙම මධ්‍යස්ථානයේ සාමාජික රටවල් වන අතර ශ්‍රී ලංකාව මෙම රටවල් සමඟ අදාල අවබෝධතා ගිවිසුමට එළඹීමට නියමිතයි.

Your Comments