මගීන් 76 දෙනෙකුට ගමන් කළ හැකි ගුවන් යානයක් පැහැර ගැනෙයි

32

ඇමරිකාවේ වොෂිංටන් හි සීට්ල් ටැකෝමා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සියලු‍ ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබෙනවා.

ඒ, එහි සේවකයෙකු විසින් මගීන් 76 දෙනෙකුට ගමන් කළ හැකි ගුවන් යානයක් පැහැර ගැනීමත් සමඟයි.

29 හැවිරිදි සේවකයා පැහැර ගෙන ඇත්තේ මගීන් නොමැති ගුවන් යානයක්.

ගුවන් යානය පැහැර ගැනීමත් සමඟ එෆ්.15 ප්‍රහාරක ජෙට් යානා 2ක් ඒ, පසුපස හඹා ගියත් යානය යළි ගෙන්වා ගැනීමට හැකියාව ලැබී නැහැ.

බලධාරින් ප‍්‍රකාශ කළේ ඉන් ටික වේලාවකට පසු යානය කඩා වැටී ඇති අතර එය ත‍්‍රස්ත කි‍්‍රයාවක් නොවන බවයි.

Your Comments