බෝට්ටු අනතුරකින් සියයක් අතුරුදන්

12

ලිබියාවේ – ට්‍රිපෝලි අගනුවරට නැගෙනහිර දෙසින් වූ මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් අනතුරකට ලක්ව තිබෙනවා.

ඉන් පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අනතුර සිදු වන අවස්ථාවේ මගීන් 120 දෙනෙකු පමණ බෝට්ටුවේ සිට ඇති බවට වාර්තා වී ඇති අතර දරුවන් තුන් දෙනෙකු ද මියගොස් තිබෙනවා.

අතුරුදන්වූ පිරිසට බිළින්දන් දෙදෙනෙකු සහ අවුරුදු 12 අඩු දරුවන් තිදෙනෙකුද අයත් බවටයි වාර්තා වන්නේ.

මුදවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, 16 දෙනෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා.

බෝට්ටු එන්ජිමේ හටගත් දෝෂයකින් ඇති වූ ගින්නක් හේතුවෙන් යාත්‍රාව මුදුබත් වීමට පටන්ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

බෝට්ටුවේ සිට ඇති වැඩිපිරිසක් මොරොක්කෝ ජාතිකයින්.

Your Comments