පොසොන් සමයේ අනුරාධපුරේ ආරක්‍ෂාවට පොලීසියෙන් 2600ක්

7

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඒ සඳහා පොලිස් නිළධාරින් 2,600 දෙනෙකු පමණ යොදවා ඇති බවයි.

අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශ අවරණය වන පරිදි ලබන 29 වනදා දක්වා අදාළ පොලිස් නිළධාරීන් රාජකාරියේ යොදා ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, පොසොන් පොහොය වෙනුවෙන් අදත් විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Your Comments