පොලීසියේ කැඳවීම්වලට සහභාගී නොවන බව මහින්දානන්ද කියයි

41

පොලීසිය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටී ඇති බැවින් මින් ඉදිරියට පොලීසිය මගින් සිදු කරන කැඳවීම් සඳහා තමන් සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.
හෙතෙම මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි. එසේම පොලිසිය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් මින් ඉදිරියේදී පොලිසිය සිදු කරන කැඳවීම් සඳහා තමන් සහභාගි නොවන බවත් අධිකරණය හමුවේ පමණක් පෙනී සිටින බවත් ඒ මහතා එම මාධ්‍ය හමුවෙදී වැඩිදුරටත් කියා සිටියා.

Your Comments