SF බණ්ඩා ඝාතන සිද්ධියට පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

134

අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන නොච්චියාගම ටී.එම්. සරත් බණ්ඩාර හෙවත් එස්.එෆ්. බණ්ඩා ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට අදාළ සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී පැය 48ක් ඔහු රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇති බවයි NEWS24 වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ඝාතනයන් සිදුවන කාලය තුළ අනුරාධපුර, උලුක්කුලම පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක්.

2016 වසරේ අප්‍රේල් 30 වන දා එස්.එෆ්. බණ්ඩා ඇතුළු තිදෙනෙකු මෝටර් රථයක ගමන් කරමින් සිටිය දී තිරප්පනේ – තුරුවිල මාර්ගයේ සෙලස්තිමඩුව ප්‍රදේශයේ දී ඝාතනය කරනු ලැබුවා.

Your Comments