පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියෙන් අරලගංවිලට පහසුකම් රැසක්

20

අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ වකුගඩු රෝග පරීක්ෂන හා සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් සිදු කෙරුණා. ඊට අමතරම රෝහලේ රසායනාගාරය, සුවදිවි සායන හා නව පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයේ දෙවන අදියරද ජනපති අතින් ජනතා අයිතියට පත් කෙරුණා.

මේ අතර විලයාය ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම සහ අරලගංවිල කොට්ඨාසයේ අධ්‍යාපන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වූවා.

විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ පන්ති කාමර 36කින් යුත් තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 63.75කි.
ලෝක චෙස් ශූරතා තරගාවලියේදී ආසියාවෙන් 6 වැනි ස්ථානය මෙන්ම සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත් චෙනුලි ලිහන්සා නල්ලපෙරුම ශිෂ්‍යාව වෙත තිළියක් ප්‍රදානය කිරීම ජනපති අතින් එහිදී සිදු කෙරුණු අතර සංගීත අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගත් ප්‍රභාත් මාලිංග ජයසුන්දර සහ ඩබ්.එම්. සංචිත උදාර සිසුන් වෙත ත්‍යාග පිරිනැමීම ජනපති අතින් සිදු කෙරිණි.

Your Comments