පිටකොටුවේ දී වෙඩි තබා ඝාතනය කළ නාගාරික මන්ත්‍රීට නඩු 02ක්

39

පිටකොටුව පොලිස් වසමේ ආදිවාල්වීථිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කරන ලද ක්‍රිෂ්ණපිල්ලේ තිරුබානන්දන් නමැති නාගාරික මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු දෙකකට ඇප ලබා සිටි අයෙකු බව පොලීසිය පවසනවා.

2016 වසරේ මරදාන ප්‍රදේශයේදී ගංජා කිලෝ 4 කට අධික තොගයක් සහ දුම්කුඩු කිලෝ 27 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වසරේදීම වව්නියාව ප්‍රදේශයේ දී ගංජා කිලෝ 102 ක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය හා සම්බන්ධව ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

Your Comments