පැලවත්ත සීනි සමාගමේ සේවකයන් සිව් දෙනෙක් වහළය මතට නගී
ජයන්ත වීරසේකර - වැල්ලවාය

25

බුත්තල පැල්වත්ත සීනී සමාගමේ සේවය කරමින් සිටින අතරතුර සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළ සේවකයන් හතර දෙනෙකු උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, පැල්වත්ත සිනී සමාගමේ පරිපාලන ගොඩනැගිල්ලේ වහලය මත සිටයි.
ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන්ද එම ස්ථානයේ බිම වාඩි වී එම උපවාසයට සහය පල කරමින් සිටින බව සඳහන්.
එමෙන්ම උපවාසකරුවන් ඩීසල් සහ ලණුවක්ද රැගෙන විසදුමක් ලබා නොදුනහොත් සියදිවි නසාගන්නා බවට ද ප්‍රකාශ කර ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ.
මෙම සේවකයින් පිරිස සේවයෙන් ඉවත් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබුණේ සිය රාජකාරී ගිනිඅවි භාවිත කරමින් සතුන් දඩයම් කිරීමකට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමගයි.

Your Comments