Home දේශීය පුවත් පාතාල නායක කෙසෙල්වත්තේ දිලීපගේ ප්‍රධාන ගෝලයෙකු කොළඹදී අත්අඩංගුවට

පාතාල නායක කෙසෙල්වත්තේ දිලීපගේ ප්‍රධාන ගෝලයෙකු කොළඹදී අත්අඩංගුවට

21

පාතාල නායකයෙකු වන කෙසෙල්වත්තේ දිලීප නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු සිය නිවසේ දී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරුම් චෝදනා රැසකට සම්බන්ධ සැකකරුවෙකු වන ඩුබායි හි රැඳී සිටින කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල නායකයාගේ මෙහෙයවීමෙන් මෙම සැකකරු ද ජාවාරම් රැසක් සිදු කර ඇති බව මේ වන විට අනාවරණ වී තිබෙනවා.

2015 වසරේ අලුත්කඬේ මුස්ලිම් පල්ලියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට ද සැකකරුට එරෙහිව චෝදනා එල්ල වන බවයි පොලීසිය පැවසුවේ.

Share this Article!

Your Comments