ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම් කෙරේ

81

අශෝබන ලෙස හැසිරීම හේතුවෙන් ස්ථාවර නියෝග සහ වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට තාවකාලිකව පාර්ලිමේන්තු තහනමක් පැනවීමට නිර්දේශ කර තිබෙනවා.

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ සාමාජිකයෙකු පැවසුවේ ඊයේ එම කමිටුව හමුවට පැමිණි මන්ත්‍රීවරයා සිය වරද පිළිගත් බවයි.

විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ එල්.ටී.ටී.ඊ. හිතවාදී ප්‍රකාශය පිළිබඳව පසුගිය 03 වන දා පැවැත්වු පාර්ලිමේන්තු විවාදයේ දී සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවිර මහතා ඊයේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවනු ලැබුවා.

ඒ අනුව, වරද පිළිගැනීමත් සමග අවම වශයෙන් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට සති 04 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වනු ඇති.

අවස්ථා දෙකක දී මන්ත්‍රීවරයා අශෝබන ලෙස හැසිරීම හේතුවෙන් එලෙස පාර්ලිමෙන්තුව තාවකාලිකව තහනම් කිරීමට නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රසන්න රණවීර මහතා සම්බන්ධයෙන් ඊයේ රැස් වූ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ගත් නිර්දේශ අද කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදීමට නියමිතයි.

මේ අතර, පසුගිය 3 වන දා අශෝබන ලෙස හැසිරුනු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද ඉදිරියේදී පාර්ලිමේන්තු වරප්‍රසාන කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

Your Comments