පන්දුවේ වෙනසක්! කොදෙව් – ශ්‍රී ලංකා තරගයේ දී මතභේදාත්මක තත්ත්වයක්

7

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය ආරම්භ කිරීම ඊයේ පැය එකහමාරකින් පමණ ප්‍රමාද වුණා.
ඒ, පන්දුවෙහි ස්වභාවය වෙනස්ව ඇති බැවින් වෙනත් පන්දුවක් භාවිත කළ යුතු බවට විනිසුරුවන් තීරණය කිරීමත් සමගයි.
ඊට ශ්‍රී ලංකා කණ්ඩායම විරෝධය පල කරමින් නියමිත වේලාවට පන්දු රැකීම සදහා ක්‍රීඩා පිටියට පැමිණීම ද ප්‍රතික්ෂේප කළා.
කෙසේ වෙතත් පසුව ඔවුන් ක්‍රීඩා පිටියට පැමිණිය ද කිසිදු පන්දුවක් නොයවා යළි කණ්ඩායමේ ක්‍රීඩකයින් හතරේ සීමාව කරා පැමිණ රැදී සිටිනු දක්නට ලැබුණා.
එම අවස්ථාවේ දී කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තරග තීරක ජවගල් ශ්‍රීනාත් අතර මෙන්ම නායක දිනේෂ් චන්දිමාල් අතර ද දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු වුණා.
පසුව තරගය ආරම්භ කිරීමටයි පියවර ගැණුනේ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට දඩුවම් ලකුණු 5ක් පැනවීමට ද තීරණය කෙරුණා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ චෝදනාවක් එල්ල වුව ද ශ්‍රී ලංකා ක්‍රිඩකයින් අතින් කිසිදු වරදක් සිදුව නොමැති බවයි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය මෙරට වේලාවෙන් අද අලුයම නිමා වුණා.
ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටියා.
කුසල් ජනිත් ලකුණු 20යි.
මහේල උඩවත්ත ලකුණු 11ක් සහ කසුන් රජිත කිසිදු ලකුණක් නොලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඊයේ දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් ලකුණු 300කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
ඩෙවෝන් ස්මිත් ලකුණු 61යි.
පන්දු යැවීමේ දී ළහිරු කුමාර කඩුලු 4ක් සහ කසුන් රජිත කඩුලු 3ක් බිද හෙලුවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 253ක් ලබා ගත්තා.
ඒ අනුව ඔවුන් මේ වන විට කොදෙව් කණ්ඩායමට වඩා තවත් ලකුණු 13ක් පිටුපසින් පසුවනවා.

Your Comments