Home දේශීය පුවත් නුවරඑළිය හිටපු නගරාධිපතිට ඇප

නුවරඑළිය හිටපු නගරාධිපතිට ඇප

11

අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා එල්ල වී සිටින නුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නොයෝග කර තිබෙනවා.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියක් අනුව විත්තිකාර නුවරඑළිය හිටපු නගරාධිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද පෙනී සිටියා.

අනතුරුව විත්තිකාර හිටපු නගරාධිපතිවරයා රුපියල් 20, 000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

අනතුරුව නඩු විභාගය නොවැම්බර් මස මස නව වනදා පැවැත්වීමට නියම කළ අධිකරණය එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස ද දන්වා සිතාසි නිකුත් කළා.

2013 වසරේ නුවරඑළිය වසන්ත සැණකෙලි උත්සවය සඳහා පෞද්ගලික අනුග්‍රහකයෙක් විසින් ලබාදුන් රුපියල් දෙලක්ෂ විසිපන් දහසක මුදලක් සිය ගිණුමේ තැන්පත් කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

Your Comments