නිරිත දිග මෝසම සක්‍රීය වෙයි

11

නිරිත දිග මෝසම දිවයින හරහා සක්‍රීය වෙමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශ රළු වන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
වායුගෝලයේ පවතින මෙම කැළඹිලි ස්වභාවයේ බලපෑමෙන් ඉදිරි දින කිහිපයේදීත් වැසි ඇතිවන බව කාර්යයයේ නියුතු කාළගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළා.
මේ අතර වර්ෂාව පවතින අවස්ථාවලදී අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී සැළකිලිමත් වන ලෙසට අධිවේගී මාර්ග නඩත්තු හා සැළසුම් ඒකකය පවසනවා.
පැයට කිලෝමීටර 60 ක වේගය නොඉක්මවා තම රිය ධාවනය කරන ලෙසයි ඔවුන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
එමෙන්ම නුවරඑළිය සහ බදුල්ල යන ප්‍රදේශවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් රිය ධාවනයේදී සැළකිලිමත්වන ලෙසද පොලීසියද රියදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටියා.

 

Your Comments