නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම සුරියවැවට යයි
නුවන් ජයසේකර - සූරියවැව

46

සුරියවැව, වල්සපුගල ප්‍රදේශයේ වන අලි පලවා හැරීමේ මෙහෙයුම වනජීවි නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා අසාර්ථක වු බව විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා.
මදුනාගල රක්ෂිතයේ සිටින වන අලි ගම්මානයට කඩා වැදීම හේතුවෙන් පසුගිය දා ගම්වාසීන් විසින් මාරාන්තික උපාවසයක් ආරම්භ කළ අතර එය අත්හිටුවනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන්.
ඒ, වනඅලි පලවා හරින බවට ලබා දුන් පොරොන්දුව අනුවයි.
ඒ අනුව වන අලි පලවා හැරීමේ මෙහෙයුම් කටයුතු ඊයේ පස්වරුවේ ආරම්භ කෙරුණ ද මෙහෙයුම සඳහා වනජීවි නිලධාරීන් නිසි වේලාවට නොපැමිණීමත් සමඟ ඔවුන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වු බවයි වාර්තා වන්නේ.

Your Comments