දෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් අද ඇරඹෙයි

13

දිස්ත්‍රික් 8 ක් කේන්ද්‍ර කර ගනිමින් දෙදිනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අද සහ හෙට කොළඹ, ගම්පහ, මහනුවර, කලු‍තර, යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වල වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මෙම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හඳුනාගත් වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 52 ක වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ දැනට සක්‍රියව පවතින නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීමේ කාලීන වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවයි.

එය 2017 වසරේ මෙම කාලය සමග සැසඳීමේ දී සැලකිය යුතු අඩුවීමක් බව ද ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළා.

Your Comments