දුමින්ද සිල්වාගේ අභියාචනයේ තීන්දුව අද

13

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර ඇති අභියාචනයේ තීන්දුව අද දිනයේ ලබා දීමට නියමිතව තිබෙනවා.
2011 වසරේ ඔක්තෝම්බර් මස 8 වනදා බස්නාහිර පළාත් සභාවේ ඡන්දය පැවති දිනයේදි මෙම ඝාතනය සිදු වුණා.
ඊට වැරදිකරුවන් වූ දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා ඇතුළු 5 දෙනෙකුටයි මරණ දඩුවම නියම වුණේ.
ඒ අනුව ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනයේ තින්දුව අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ඇතුළු විනිසුරු මඩුල්ලක් විසින් අද දිනයේ ලබා දෙනු ඇති.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා හෙට දිනයේ විශ්‍රාම යාමට නියමිතයි.
ඊට පෙර ඔහු විසින් ලබා දෙන අවසන් තීන්දුව මෙය වනු ඇති බවටයි වාර්තා වුණේ.

Your Comments