දුම්රිය ධාවන කටයුතු අද සිට යථාතත්වයට

18

අද දිනය තුළ සියලු‍ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ අද පස්වරුවේ සියලු‍ කාර්යාල දුම්රිය ගැටළුවකින් තොරව ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පසුගිය බදාදා පස්වරු 03.00 සිට ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය ඊයේ පෙරවරුවේ අත්හිටුවනු ලැබුවා.

ඒ අනුව, දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්ත ද ඊයේ දිනයේදී දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වූ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත්, රාත්‍රී තැපැල් දුම්රිය ගැටළුවකින් තොරව ධාවනය වූ බවයි හෙතෙම කියා සිටියේ.

මේ අතර අද දිනයේ දුම්රිය ධාවන කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරෙන බවයි දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරින්ගේ සංගමයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසුවේ.

Your Comments