දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමට තීරණයක්

53

දුම්රිය වර්ජනය අතහැරීමට දුම්රිය සමිති ක්‍රියා නොකළහොත් එය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබෙප්සිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඉල්ලීම් සඳහා සාකච්ඡා කිරීම සඳහා වර්ජනය අතහැර පැමිණෙන ලෙසටf වෘත්තිය සමිති වෙත සිදු කළ දැනුම්දීම තවදුරටත් ක්‍රියාත්මක බවයි.

Your Comments