Home ක්‍රීඩා පුවත් දිමුත් කරුණාරත්න ගැන අම්ලාගෙන් හෙළිදරව්වක්

දිමුත් කරුණාරත්න ගැන අම්ලාගෙන් හෙළිදරව්වක්

67

ගාලු‍ තණතීරුව පිතිකරණයේ නිරත වීමට හැකි තණ තීරුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඔප්පු කළ බව දකුණු අප්‍රිකානු මුල්පෙළ පිතිකරු හෂීම් අම්ලා පවසනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

ඊයේ දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු‍ 4ක් දැවී ලකුණු 111ක් ලබා සිටියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව ලකුණු 287ක් ලබා ගත් අතර පිළීතුරු ලෙස දකුණු අප්‍රිකාව ලබා ගත්තේ ලකුණූ 126ක් පමණයි.

Your Comments