දැඩි සුළඟකින් කොළඹ නිවාස 150කට අධික සංඛ්‍යාවකට හානි

32

අද උදෑසන හමා ගිය තද සුළං හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 153 කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සහකාර සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ දෙහිවල, කැස්බෑව, හෝමාගම, පිළියන්දල, මොරටුව ඇතුළු ප්‍රදේශවලට මෙම සුළං තත්ත්වය බලපා ඇති බවයි.
වැඩි ම නිවාස සංඛ්‍යාවක් හානියට පත්ව ඇත්තේ, හෝමාගම ප්‍රදේශයේ වන අතර, එම සංඛ්‍යාව 75ක් .
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදී තවදුරටත් පැවතිය හැකි බවයි.
විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, උතුර , ඌව සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් විටින් විට පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බව සදහන්.
ඒ හේතුවෙන් ධීවර හා නාවුක ප්‍රජාව ඒ පිලිබඳ අවධානය යොමුකල යුතු බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

Your Comments