Home දේශීය පුවත් දඹුල්ලේ වෑන් රථයක් අනතුරට -15කට තුවාල (ඡායාරූප සහිතයි)

දඹුල්ලේ වෑන් රථයක් අනතුරට -15කට තුවාල (ඡායාරූප සහිතයි)

4

දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී අද (17) පෙරවරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්පෝමර කණුවක හැපී අනතුරකට ලක්වීමෙන් එකම පවුලේ 15 දෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය පවසනවා.
තුවාල ලබා ඇත්තේ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
ඔවුන් වැලිමඩ ප්‍රදේශයේ සිට වව්නියාව ප්‍රදේශයේ විවාහ කටයුත්තක් සඳහා යන අතරතුරදී අනතුර සිදුව තිබෙනවා.

අනුරාධපුර දෙසට වෑන් රථය වේගයෙන් ධාවනය වී තිබෙන බවත්, එහිදී මාර්ගයෙන් ඉවතට පැන මිටර් 40ක් පමණ රථය ඇදී ගොස් මාර්ගය අසළ ට්‍රාන්ස්ෆෝමර කණුවක හැපී වෙළකට පෙරළී තිබුණා.

ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුවන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

තුවාලකරුවන් අතර කාන්තාවන් අට දෙනෙක් , පිරිමින් පස් දෙනෙක් මෙන්ම කුඩා දරුවන් දෙදෙනෙක් ද වනවා.

තුවාලකරුවන් බොහෝ දෙනකුගේ අත් පා වලට බරපතළ තුවාල සිදුව ඇති බවයි රෝහල් ප්‍රකසහකයෙකු පැවසුවේ.
(දඹුල්ල -කාංචන කුමාර ආරියදාස / මහින්ද උදයසිරි )

Your Comments