දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා එක්දින තුන්වන තරගය අද

14

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලියේ 3 වන තරගය අද පැවැත්වෙනවා.
තරගය අද පෙරවරු 10ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වනු ඇති.
මේ වන විට පැවති තරග දෙකෙන්ම ජයග්‍රහණය හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත් වුණා.
මේ අතර ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී එළඹෙන 12 වනදා පැවැත්වෙන දිවා රාත්‍රී එක් දින තරගයත් 14 වනදා පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයත් නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ එම අවස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන පාසල් ළමුන් 3, 000 කට ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.

Your Comments