තැපැල් සේවකයන් මාරාන්තික උපවාසයකට සැරසෙයි – අද විසඳුම් දෙන බවට ඇමතිගෙන් ප්‍රකාශයක්

6

මේ වන විට ආරම්භ කර ඇති උපවාසය මාරාන්තික උපවාසයක් දක්වා ක්‍රියාත්මක කිරීමට තැපැල් සේවකයින් තීරණය කර තිබෙනවා.

ඒ, වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ බලධාරීන් අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාව ද අසාර්ථක වීම හේතුවෙන්.

තැපැල් වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ස්ථිර විසඳුමක් ලැබෙනතුරු වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අත්නොහරින බවයි.

කෙසේ වෙතත්, තැපැල් සේවා අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා කියා සිටියේ අද දිනය තුළ වන විට තැපැල් සේවකයින්ගේ සියලු ගැටළු සඳහා විසඳුම් ලබාදීමට අපේක්‍ෂා කරන බවයි.

මේ අතර, තමන් සේවය කරන කාර්යාලයට රාජකාරී සඳහා වාර්තාකිරීමට අපහසු සේවකයින් ළඟම පිහිටි ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයට වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඉල්ලීමක් කරනවා.

එලෙස වාර්තාකරන තැපැල් සේවකයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් කර ඇති බවයි තැපැල්පතිවරයා කියා සිටියේ.

මහජන සේවය අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා තැපැල් සේවක නිවාඩු අවලංගු කර ඇති බව ද හෙතෙම කියා සිටියා.

Your Comments