Home ගොසිප් තායි ගුහාවේ සිර වූ පාපන්දු කණ්ඩායම පිළිබඳ සොයා බැලුවාට අන්තර්ජාලයේ දෙවැනි තැන...

තායි ගුහාවේ සිර වූ පාපන්දු කණ්ඩායම පිළිබඳ සොයා බැලුවාට අන්තර්ජාලයේ දෙවැනි තැන ලංකාවට

41

පසුගිය දින වල බොහෝ සෙයින් ජාත්‍යන්තර මාධ්‍යයන්ගේ පවා අවධානය දිනාගත්තේ තායිලන්තයේ ‘තාම් ලූවන් ලෙන’ තුළ සිරවී සිටි යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමුන් සහ එහි පුහුණුකරු සම්බන්ධවයි.

මෙම සිද්ධිය පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ වැඩියෙන්ම සොයා බැලූ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට හිමිකම් කියනවා.

වයස අවුරුදු 11ත්, 17ත් අතර වයස් කාණ්ඩයේ පසුවන මෙම ළමයින් පිරිස සිය 25 හැවිරිදි පුහුණුකරු සමඟ මෙම ලෙනෙහි අතරමං වූයේ පසුගිය ජුනි 23 වන දායි.

දින 17ක් ගුහාවේ සිරවුණු ළමුන් බේරාගැනීමේ ක්‍රියාන්විතය ඊයේ දිනයෙන් අවසන් වූවා.

ඔවුන් මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලූ ප්‍රමුඛ පිරිස අතරට එක්වීමට ශ්‍රී ලාංකිකයින් ද සමත්ව සිටිනවා.
.

Share this Article!

Your Comments