ඩොලරය රුපියල් 200 දක්වා ඉහළ යන හැටි මන්ත්‍රී බන්දුල කියයි

15

ඩොලරය රුපියල් 200 දක්වා ඉහළ යන හැටි මන්ත්‍රී බන්දුල කියයි
සිංගප්පූරු ගිවිසුම රට තුළ ක්‍රියාත්මක කළහොත් අමෙරිකානු ඩොලරය රුපියල් 200 දක්වා ඉහළ යා හැකි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධණ මහතා මෙම අදහස් පළ කළා.

“වානිජ බැංකු විසින් ඩොලර් එකක් අලෙවි කරන්නේ 162.30ට. මෙය අපේ රටේ ආර්ථික ඉතිහාසයේ දැවන්තම ඛේදවාචකයක් ලෙස තමයි සනිටුහන් වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතා රට භාර ගන්න අවස්ථාවේදී අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් ගෙව්වා 105ක්. සප්ත මහා අර්බුදයකට මුහුණ දෙමිනුත් ආණ්ඩුව භාර දෙන විට 131යි. සාමාන්‍යයෙන් වර්ෂයකට මහින්ද රාජපක්ෂ යුගයේදී රුපියල අවප්‍රමාණය වුණේ 1.98%කින්. මේ රජය භාර ගත්ත අවුරුදු තුන හමාරට රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා මේ වන විට 6.5%කින්. රුපියල මස්ත බාල්දු වෙලා. ඉතින් කොහොමද රට ඉතුරු වෙන්නේ.”

Your Comments