ට්‍රම්ප්ට වචන පැටලෙයි

25

අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රුසියාව මැදිහත්වීමක් සිදුකර නොමැති බවට කළ ප්‍රකාශය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසන් කිරීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් අතර ෆින්ලන්තයේදී සිදුවූ හමුව අතරතුර පැවති මාධ්‍ය හමුවේදී ට්‍රම්ප් කියා සිටියේ 2016 අමෙරිකානු ජනාධිපතිවරණයට මැදිහත්වීම සඳහා රුසියාවට අවශ්‍යතාවක් නොමැති බවයි.
මෙම ප්‍රකාශය සමග අමෙරිකානු බුද්ධි අංශය ප්‍රමුඛ දේශපාලන සාමාජිකයින් සිය විරෝධය පළ කර තිබුණා.
කෙසේ වෙතත් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා විසන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වී ඇති බවට අමෙරිකානු බුද්ධි අංශවල නිගමනයක් තමා පිලිගන්නා බවයි.
එහිදී තමාට සිදුවූයේ වචන පැටලීමක් පමණක් බව ද ට්‍රම්ප් මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ පැය 24ක් ගත වීමට පෙර මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම තුලින් අමෙරිකානු ජනාධිපතිවරයාගේ දුර්වලකම පෙන්වන බවයි.
එමෙන්ම ඔහු පුටීන්ට එරෙහිව සටන් කිරීමට යම් භීතියක් දක්වනු ඇති බවට ද ඔවුන් පේනවා දෙනවා.

Your Comments