UPDATE : ජෝන්ස්ටන් ඇතුළු සැකකරුවන් යළි බන්ධනාගාරයට – සාක්ෂි විභාගය හෙටත්

29

සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තුන්දෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නඩුවේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු අද ආරම්භ වූ අතර එය හෙට යළි විභාගයට ගැනෙනවා.
සතොස ආයතනයේ රුපියල් මිලියන 5කට අධික මුදලක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වන මෙම නඩුව අවසන් වන තුරු හිටපු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය පසුගිය දා නියෝග කළේ


UPDATE : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යළිත් රක්ෂිත බන්ධනාගාරයට [Sep 11, 2018 @ 15:33]

හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණය අද නියෝග කළා.
එම නඩුව අද කැඳවු අවස්ථාවේදී කුරුණෑගල මහාධිකරණය විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව එම නඩුව ගෙනු කර ඇත්තතේ සතොස ආයතනයේ මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන්.


හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු කුරුණෑගල මහාධිකරණයට [Sep 11, 2018 @ 13:02]
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කෑගල්ල බන්ධනාගාරයේ සිට කුරුණෑගල මහ අධිකරණය වෙත මේ විට රැගෙන විත් තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් අධිකරණ භූමියට පැමිණ ඇති බවයි නිවුස් 24 වාර්තාකරු සඳහන් කලේ.
සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයාව සිටියදී සතොස ආයතනයේ රුපියල් මිලියන 50කට අධික භාණ්ඩ අව භාවිතා කිරීමයි ඔහුට එරෙහි චෝදනාව වන්නේ.
අදාළ නඩුව අද සිට අඛණ්ඩව විභාගයට ගැනීමට නියමිත අතර එතෙක් හිටපු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

Your Comments