ජලය ඉල්ලා වැල්ලවායේ විරෝධතාවක්
ජයන්ත වීරසේකර - වැල්ලවාය

15

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වනවා.
ඒ, තණමල්විල ප්‍රදේශයේ ගම්මාන රැසකට දීර්ඝ කාලයක සිට පවතින ජල ගැටලුවට විසදුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින්.
කොමලිගම, කිවුල්ආර, ඇදගලයාය, ගල්වලයාය යන ගම්මාන වල ජනතාව මෙම විරෝධතාවට එක්ව සිටි බව සඳහන්.
උද්ඝෝෂණය හේතුවෙන් වැල්ලවාය තණමල්විල මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි නිව්ස්24 වාර්තාකරු පැවසුවේ.

Your Comments