ජපාන ආරක්ෂක ඇමතිවරයෙක් පළමු වරට මෙරට සංචාරයකට සැරසෙයි

12

ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනෝරි ඔනොදෙරේ තෙදින නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව ඔහු එළෙඹෙන 22 වනදා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි.
ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙක් මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.
ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රමුඛ රජයේ ඉහළ පෙලේ නායකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි මෙරට ජපන් තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

Your Comments