ජන බලය ලේක්හවුස් වටරවුමට ලගා වෙයි

51

කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ආරම්භ වූ ඒකාබද්ධ විපක්ෂයේ ‘ජන බලය කොළඹට’ විරෝධතාව මේ වනවිට ලේක්හවුස් වටරවුම සහ කොළඹ – කොටුව බෝධිය යන ස්ථානවලට ළඟාවී තිබෙනවා.
නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ ලේක්හවුස් වටරවුම ඉදිරිපිට විරෝධතා රැළිය ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් බවයි.
කොළඹ – පුරහල, මරදාන – ටෙක්නිකල් හන්දිය සහ ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ ගමන් ආරම්භ කළ විරෝධතාකරුවන් එම ස්ථානවලට තවදුරටත් පැමිණෙමින් පවතිනවා.
නිව්ස් 24 වාර්තාකරුවන් සඳහන් කළේ විරෝධතාව හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන ලෝටස් මාර්ගය වසා දමා ඇති බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ජනබලය කොළඹට විරෝධතා පා ගමනට කොළඹ ටෙලිකොම් ආයතනය අසලදී එක් වුණා.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විරෝධතා රැළියට එක් වුණේ කොටුව දුම්රියපළ අසලින්.


“ජනබලය කොළඹට” ඇරඹෙයි [Sep 5, 2018 @ 15:28]

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන ‘ජනබලය කොළඹට’ විරෝධතා පෙළපාලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මරදාන ප්‍රදේශයෙන් විරෝධතා පෙළපාලිය ආරම්භ වීමත් සමග මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ සිට කොළඹ කොටුව ප්‍රදේශය දක්වා වූ මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක්ද හටගෙන තිබෙනවා. විරෝධතා රැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර විරෝධතා පෙළපාලිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිටකොටුව බෝගහ ආසන්නියේදී එක්වීමට නියමිතයි. මේ අතර පිට ප්‍රදේශවලින් ජනතාව රැගෙන එමින් පවතින බස් රථ මේ වන විටත් කොළඹට පැමිණෙමින් සිටින බවයි ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ.
අරලියගහ මන්දිරය අවට, ජනාධිපති ලේකම් කාර්යාලය සහ විහේෂ මහාධිකරණය ආසන්නයේ විශේෂ ආරක්ෂාවක් යොදා ඇති බවටද වාර්තා වනවා.

 

Your Comments