Home දේශීය පුවත් ජන අභිලාෂය ඉටු කරමින් ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දුට ජනපති යළි උතුරම දෙයි

ජන අභිලාෂය ඉටු කරමින් ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දුට ජනපති යළි උතුරම දෙයි

9
ජන අභිලාෂය ඉටු කරමින් කර්නල් රත්නප්‍රිය බන්දුට ජනපති යළි උතුරම දෙයි

ජන අභිලාෂය ඉටු කරමින් කර්නල් රත්නප්‍රිය බන්දුට ජනපති යළි උතුරම දෙයි ====================================================== ජනතා කදුළු මැද කිලිනොච්චියට සමුදුන් ලුතිනන් කර්නල් රත්නප්‍රිය බඳු මහතා යළි කිලිනොච්චිය ප්‍රදේශයේ සේවය සඳහා යොදවා තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්. මේ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබෙනවා. (දර්ශන - දඹුල්ල කාංචන කුමාර ආරියදාස සහ ජනාධිපති මාධ්‍ය අංශය)

Posted by News24 on Sunday, June 17, 2018

ජනතා කදුළු මැද කිලිනොච්චියට සමුදුන් ලුතිනන් කර්නල් රත්නප්‍රිය බඳු මහතා යළි කිලිනොච්චිය ප්‍රදේශයේ සේවය සඳහා යොදවා තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්.
මේ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබෙනවා.

දහම් සිරිසේන මහතා විසින් සංවිධානය කල “මෛත්‍රිපාල සිරිසේන අභියෝගතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය” නැරඹීමට ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාද ඊයේ (17) දින රජරට නවෝදය ක්‍රීඩාංගනය වෙත පැමිණියේය. එම අවස්ථාවේදී කිලිනොච්චිය සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ යුද හමුදා ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා අහඹු ලෙස එම ස්ථානයට පැමිණියේය.එහිදී ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්ධු මහතාව ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නැවතත් කිලිනොච්චිය ප්‍රදේශයේ සේවය සදහා යෙදවීම පිලිබදව ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා විසින් ගරු ජනාධිපතිතුමන්ට ස්තුතියද පළ කර සිටියේය.

(දර්ශන දඹුල්ල කාංචන කුමාර ආරියදාස සහ ජනාධිපති මාධ්‍ය අංශය)

කිලිනොච්චියෙන් ස්ථානමාරු ලැබ ආ රත්නප්‍රිය බන්දු මහතා ජාතික සමගිය සඳහා නව ප්‍රවේශයක් ගැනීම උදෙසා යළි පත් කරන්නයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනපතිට ලිපියක්ද යොමු කර තිබුනා.

‘කර්නල් රත්නප්‍රිය බන්දු ආදර්ශය’ තුළින් ජාතික සමගිය සඳහා නව ප්‍රවේශයක් ගැනීම.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

‘කර්නල් රත්නප්‍රිය බන්දු ආදර්ශය’ තුළින් ජාතික සමගිය සඳහා නව ප්‍රවේශයක් ගැනීම

බෙදුම්වාදී ම්ලේච්ඡ යුද්ධය පරාජය කොට ලක්‍ෂ 3කට අධික අහිංසක සිවිල් ජනතාව ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගැනීම සඳහා දියත් කළ අවසන් සටනේදී විරෝදාර ආරක්‍ෂක හමුදා මෙන්ම රටේ පොදු ජනතාව ද ඉතා උසස් මානුෂික ගුණාංග ලොවට ප්‍රදර්ශනය කළහ. නමුත් ඒ උසස් ගුණය අගය කිරීම සහ ඒ තුළින් සැබෑ ජාතික සංහිඳියාව සඳහා පාලමක් ඉදිකිරීමට ජාතියක් ලෙස අපි අසමත් වූවෙමු. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් ‘මානව හිමිකම් කෙවිට’ වනමින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අත දැමීමට පටන් ගැනීම බව ඔබතුමා ද පිළිගන්නවා ඇත.

එතැන් පටන් සංහිඳියාව නාමයෙන් දියත් වූයේ සිංහල, දෙමළ මුස්ලිම් ජාතිකත්ව එක් කිරීමට වඩා දුරස් කිරීමට හේතු වන ක්‍රියාමාර්ග බව ද ඔබතුමා පිළිගන්නවා ඇත. එසේ වුවත් පසුගිය දිනවල අපට ඒ අඳුරු වලා තුළින් ඉතා දුර්ලබ රිදී රේඛාවක් දැකගත හැකි විය. කර්නල් රත්නප්‍රිය බන්දු නම් වූ සුවිශේෂී මිනිසකු විසින් ත්‍රස්තවාදී සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමේදී සහ විශ්වමඩු ප්‍රදේශයේ ජනතාවගේ දුක සැප බැලීමේදී පෙන් වූ උසස් මානුෂික ගුණාංග ඒ ජනතාවගේ හදවත් තුළ කොතෙක් ගැඹුරින් සටහන් වී ඇත් ද යන්න අපි දුටිමු. ඒ ජනතාවගේ කඳුළු තුළින් දිස්වූ ඔවුන්ගේ හදවත්, අප කියවූයේ ද කඳුළු පිරි දෙනෙතිනි. ඒ ආදර්ශය සිංහල, දෙමළ, මුස්ලිම් සමස්ත ජාතියටම අඟනා පාඩමක් කියා දී ඇත.

ඒ නිසා එම ආදර්ශය තවදුරටත් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔබතුමා ඉදිරිපත් වනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ සඳහා ආරම්භයක් ලෙස විශ්වමඩු ජනතාවගේ ඉල්ලීම පරිදි ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උසස් වූ නිලධාරියාට නැවත ඔහු දැරූ වගකීම පවරන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ඊට බාධා වන එම නිලධාරියාගේ පුද්ගලික දුෂ්කරතා ඇත්නම් ඒ පිළිබඳව ද සොයා බලා පිළියම් යොදන ලෙස ද ඉල්ලා සිටිමු.

මෙයට,
විශ්වාසී

විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ
2018-06-13

Your Comments