Home ක්‍රීඩා පුවත් චන්දිමාල්ට, හතුරුසිංහට සහ ගුරුසිංහට ICCයේ තීණ්දුව අද

චන්දිමාල්ට, හතුරුසිංහට සහ ගුරුසිංහට ICCයේ තීණ්දුව අද

7

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමණාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන්ට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය අද දින දඩුවම් නියම කිරීමට නියමිතව තිබෙනවා.

නිමා වූ කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දී පැය දෙකක කාලයක් පන්දු රැකීමෙන් වැළකී සිටීමට කටයුතු කිරීම තුළින් අයි.සී.සී ආචාරධර්ම පද්ධතිය උල්ලංඝනය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

පන්දුව පළුදු කළ බවට එල්ල කෙරුණු චෝදනාවලට විරෝධය පල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එලෙස පන්දු රැකීමෙන් වැළකී සිටියා.

කෙසේ වෙතත් මේ වන විට දිනේෂ් චන්දිමාල්, චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහ යන මහත්වරුන් ආචාරධර්ම උල්ලංඝනය කළ බවට එල්ල වන චෝදනා පිළිගෙන තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඔවුන්ට ටෙස්ට් තරග දෙකකට නොඅඩු තරග තහනමක් පැනවීමට ඉඩ ඇති බව සදහන්.

Share this Article!

Your Comments