Home ක්‍රීඩා පුවත් චන්දිමාල්ට දඩ සමග තරග තහනමක් – විනය විරෝධි ලෙස හැසුරුණු බවටත් චෝදනා

චන්දිමාල්ට දඩ සමග තරග තහනමක් – විනය විරෝධි ලෙස හැසුරුණු බවටත් චෝදනා

3

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරු බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.
ඒ අනුව ඔහුට ටෙස්ට් තරගයක තහනමක් සහ තරග ගාස්තුවෙන් සියයට සියයක මුදලක් දඩ වශයෙන් පැනවීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇත්තේ.
ඒ අනුව චන්දිමාල්ට එළඹෙන 23 වනදා කොදෙව්වන් සමග ආරම්භ වන දිවා රාත්‍රී ටෙස්ට් තරගය අහිමිවනු ඇති.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ශාන්ත ලුසියාහි පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ දීයි දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වුණේ.
මේ අතර, විනය විරෝධී ලෙස හැසුරුණු බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහට සහ කළමරණාකරු වන අසංක ගුරුසිංහට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය චෝදනා ගොණු කර තිබෙනවා.
ඒ, අදාළ ටෙස්ට් තරගයේ තුන්වන දිනය ආරම්භ කිරීම පැය දෙකක් පමණ ප්‍රමාද කරමින් ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයට නොපැමිණිම හේතුවෙන්.
පන්දුව පළුදු කිරීමේ චෝදනාව සහ වෙනත් පන්දුවක් යොදා ගැනීමට විනිසුරුවන් ගත් තීරණයට විරෝධය පල කරමිනුයි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු රැකීම සදහා පැමිණීමෙන් වැළකී සිටියේ.
ඒ අනුව අයි සී සී නීති සංග්‍රහයේ 2.3.1 වගන්තිය උල්ලංඝනය කළ බවට ඔවුන් තිදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම චෝදනාවට යම් අයෙකු වරදකරු වුවහොත් ඔහුට දඩුවම් ලකුණු 4 සිට 8 දක්වා පැනවීමට හැකි අතර එහිදී තරග කිහිපයක් තහනම් කිරීමේ හැකියාව ද පවතිනවා.

Your Comments